(පද්මිණී මාතරගේ)
ජාතික ජනබලවේගයේ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම හෙටින් (14) ආරම්භ කෙරේ.
අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රතිපත්ති ප්‍රකාශන එම ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම බලවේගයේ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.
ඒ අනුව අධ්‍යාපන ප්‍රතිපත්තිය හෙට (14) වෝටර්ස් එජ්හිදී පෙරවරු 9.30 ට එළිදැක්වෙන අතර සෞඛ්‍ය ප්‍රතිපත්තිය 15 වැනිදා පෙරවරු 9.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීත් පරිසර ප්‍රතිපත්තිය 17 වැනිදා උඩවලවේ දී ත් එළිදැක්වෙයි.
ප්‍රවාහන ප්‍රතිපත්තිය 18 වැනිදා සවස කළුතර පැනරෝමා හිදී සහ ජාතික සමගිය පිළිබඳ ප්‍රතිපත්තිය මීගමුවේදී පෙරවරු 9.30 එළිදැක්වීමට කටයුතු යොදා ඇත. ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 21 වැනිදා සිදුකෙරෙන අතර කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහනුවර ගන්නෝරුවේදී පෙරවරු 9.30 ට පැවැත්වෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.