(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)
කොරෝනා වයිරසය හේතුවෙන් කල්දමා ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන 20 වැනිදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාව එදිනට පෙර, රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ නිර්දේශ ද ලබා ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ.
කල්දමා ඇති මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන ලෙස හා ව්‍යවස්ථාමය අර්බුදය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපි දෙකම ජනාධිපති ලේකම්වරයා විසින් එවන ලද පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් ද ලබන 20 වැනිදා පැවැත්වෙන රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
මැතිවරණය පැවැත්වෙන දිනය කල්දමමින්, මැතිවරණ කොමිෂම විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ජේදය ප්‍රකාරව ඉකුත් මාර්තු මස 21 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට කොමිසම බැඳි සිටින බවත්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමේ අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී තිබිණි. පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය කල්දමනු ලැබූවේ රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි.
ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදා කළ නොහැකි බවත්, අප්‍රේල් 30 වැනිදා සිට දින 14කට පසු එළඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, මැතිවරණ කොමිෂන් සභාව ඡන්දය පැවැත්වෙන දිනය කල් තබමින් නිකුත් කළ ගැසට් නිවේදනය සඳහන් කර තිබිණි.
ඒ අනුව ඡන්දය පැවැත්වෙන දිනය, අප්‍රේල් මස 25 වැනිදාට පෙර ප්‍රකාශයට පත්කිරීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බැවින්, කොමිෂන් සභාව 20 වැනිදා රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනෙනු ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද දිනය තීන්දු කරන්න කොමිසම 20 වැනිදා රැස්වෙයි