IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගතවූ මාස හය තුළ පමණක් 96දාහක් රට රැකියාවලට ගිහින්

 

(පද්මිණි මාතරගේ)  

මෙම වර්ෂයේ ගත වූ මුල් මාස 6 තුළ ශ්‍රමිකයින් 95,908 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 56,526ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.  

එම ප්‍රමාණය විදේශ ගතවූ සමස්ත ප්‍රමාණයෙන් සියයට 59ක් බවත්, පිරිමි ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 16,626ක් යැයි ද එම සංඛ්‍යා දත්ත සඳහන් කර සිටී.  


මෙම 2019 වර්ෂයේ ජනවාරි සිට ජුනි දක්වා ගතවූ කාලය තුළ කාන්තාවන් 39,382 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර එය සමස්ත විදේශ ගතවීම්වලින් සියයට 41කි.  
කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් රැකියා සඳහා ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 14,948කි.  


මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ කුවේට්හි රැකියා සඳහා ශ්‍රමිකයින් 20,601 දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 19,026 දෙනෙකු ද, එසේම සෞදි අරාබියෙහි රැකියා සඳහා ශ්‍රමිකයින් 16,747 දෙනෙකු ද පිටත්ව ගොස් ඇත.  


විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැඳී සිටි කාන්තාවන් 858 දෙනෙකු 2019 ජූලි 11 දින වෙන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වා ගෙන තිබේ.  


ඉන් වැඩිම පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයෙන් වන අතර එම ප්‍රමාණය 588කි. සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් තවත් ශ්‍රමිකයෝ 146 දෙනෙක් එහි රැඳී සිටිති.  



අදහස් (0)

ගතවූ මාස හය තුළ පමණක් 96දාහක් රට රැකියාවලට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site