(දයාසීලි ලියනගේ)
ඌව පළාත් සභාවට අයත් ඉඩම් අක්කර 3750ක බිම් ප්‍රමාණයක කෙසෙල් වගා කරනු ලබන පෞද්ගලික සමාගමක් වසරකට කෝටි 3ක මුදලක් බදු ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.
බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ තුළ වගා කර ඇති මෙම ඉඩම් සඳහා කෝටි 17ක මුදලක් අයවිය යුතුව ඇතැයි ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු. රත්නායක මහතා කීය.
මෙම හිඟ මුදල් ලබාගැනීමට අවස්ථා ගණනාවක දී සිහි කැඳවීම් කර ඇතත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ඌව පළාත් සභාවේ අනියම්, කොන්ත්‍රාත් හා තාවකාලික පදනම යටතේ 2000කට අධික සේවක පිරිසක් සිටින අතර මේ අයට වැටුප් ගෙවීමට නොහැකිව ඉවත් කිරීමට සැළසුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌවේ කෙසෙල් වවන සමාගමක් කෝටි 3ක බදු පොලු තියලා