(නිශාන්ත කුමාර බණ්ඩාර)
දෙමළ සන්ධානය කෙරෙහි උතුරේ ජනතාවගේ ප්‍රසාදයක් නැති බවට ගෙන යන ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බව විපක්ෂනායක හා දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.
උතුරේ දෙමළ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඊට විසඳුම් ලබාදීමට මූලිකව ක්‍රි
යා කරන දෙමළ සන්ධානය කෙරෙහි තබා ඇති විශ්වාසය ඊළඟ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයේදී සියලු දෙනාට බලා ගත හැකි බවද ඔහු පැවැසීය.
දෙමළ සන්ධානය තවත් පක්ෂ හතරකින් සැදි සන්ධානයක් බවත් එම පක්ෂ අතර යම් යම් මත ඉදිරිපත් විය හැකි බවත් ඔහු පැවැසීය.
එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදීව හිතා බලා කටයුතුකොට සියලු දෙනාම එකම මතයක සිට සමස්ත දෙමළ ජනතාවට සේවය කිරීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම එකම අරමුණ බවද සම්බන්දන් මහතා සඳහන් කළේය. ඉදිරි පළාත් සභා මැතිවරණයට උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කවුරුන් පත්කරන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරියේ දී ඒ පිළිබඳ සාකච්ඡාකොට තීරණයක් ගන්නා බවද ඔහු පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරේ ජන ප්‍රසාදය ඇත්තේ දෙමළ සන්ධානයටයි