(දයාසීලි ලියනගේ)
මිල සූත්‍රයත් සමඟ සංස්ථා තෙල් මිල වැඩි කරන ලෙසට ඉන්දියානු තෙල් සමාගමෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවට ඛනිජ තෙල් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්දියානු තෙල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් දැඩි අලාභයක් ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල තෙල් මිල ඉහළ දමා මිල සම මට්ටමකට ගෙන ඒමේ උත්සාහයක නිරතවෙන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
මිල සූත්‍රයත් සමඟ තෙල් මිල ඉහළ දැමීමෙන් ඉන්දියානු තෙල් සමාගම දැන් ලබන පාඩුව අවම කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන අතර ඒ සඳහා සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇතැයිද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මේ අතර ඉහළ පිරිසකට මුදල් ලබාදී තෙල් මිල ඉහළ දැමීමට එකඟ කරවා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීමට ඇමැති අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිල වැඩි කිරීමේ නිලධාරී කුමන්ත්‍රණයක්?