(දයාසීලි ලියනගේ)
රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරිම වසර දෙකකින් කල් දැමීමට රජය තීරණය කර ඇත.
එසේ වුව ද දැනට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ගොඩනැගිලි නිමකිරීම සඳහා මහා භාණ්ඩගාරය දැනුම්වත් කර ඒ සඳහා මුදල් ලබාගැනීමට කටයුතු කරන ලෙස සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී අත.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අරමුණු ඉටුකර ගැනීම මගින් මහජනතාව වෙත කඩිනමින් ප්‍රතිලාභ ලබාදීම ඉලක්ක කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීම, ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, මහජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීම, යටිතල පහසුකම් සංවර්ධනය, දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීම යනාදී වැඩසටහන්වලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට ද රජය උපදෙස් දී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.