ඔබ කොතරම් අධික මුදලක් ගෙවා නව විලාසිතාවන්ට අනුව ඇඳුමක් සකස් කරගත්තත් එය ඔබට ගැළපෙන්නේ නැත්නම් එයින් ඇතිවන ඵලක් නැත.
එහෙත් ඔබගේ වයසට සහ සිරුරට ගැළපෙන පරිදි සකස් කරගත් ඇඳුමක් සුදුසු නැකතකින් ඇඳීමෙන් වාසනාව උදාකරගත හැක.
එබැවින් චන්ද්‍රයා පහත දැක්වෙන නැකත්වල ගමන් ගන්නා දිනවල අලුත් ඇඳුම් ඇඳීමෙන් ඇතිවන සුබ අසුබ පහත දක්වා ඇත.
අස්විද නැකත
මෙම නැකතකින් අලුත් ඇඳුම් ඇඳීමෙන් වාසනාව ළඟා කරයි. ඇඳුම් පැලඳුම් වඩාත් ලැබේ.
බෙරණ නැකත
බෙරණ නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් එම ඇඳුම් සොරුන් විසින් ගනු ලැබේ.
කැති නැකත
කැති නැකත ඇති දිනක අලුත් ඇඳුම් ඇඳීමෙන් එම ඇඳුම් ගින්නෙන් විනාශ වේ.
රෙහෙන නැකත
රෙහෙන නැකත ඇති දිනයක අලුත් ඇඳුම් ඇඳීමෙන් ලැබෙන මුදල් තත්ත්වය වැඩි වේ.
මුව සිරස නැකත
මුව සිරස නැකත ඇති දිනයක අලුත් ඇඳුම් ඇඳීමෙන් එම ඇඳුම්වලට මීයන්ගෙන් හානි වේ.
අද නැකත
අද නැකත ඇති දිනක අලුත් ඇඳුම් ඇඳීමෙන් මුදල් හානි සිදු වේ.
පුනාවස නැකත
පුනාවස නැකත ඇති දිනක අලුත් ඇඳුම් අැඳීමෙන් නිවසේ කරදර නැති වේ.
පුෂ නැකත
පුෂ නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් ධනවත් බවට පත් වේ.
අස්ලිස නැකත
මෙම නැකත ඇති දිනක අලුත් ඇඳුම් ඇඳීමෙන් එම ඇඳුම් විනාශ වේ.
මා නැකත
මා නැකත ඇති මොහොතක අලුත් ඇඳුම් ඇඳීමෙන් ජීවිතයට අනතුරු ඇති වේ.
පුවපල් නැකත
පුවපල් නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් රජයෙන් කරදර ඇති වේ.
උත්‍රපල් නැකත
මෙම නැකත ඇති අවස්ථාවකදී අලුත් ඇඳුම් ඇඳීම හේතු කොටගෙන ආදායම් මාර්ග දියුණු වේ.
හත නැකත
හත නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් කරන වැඩ කටයුතුවලින් ජයග්‍රහණ ලැබේ.
සිත නැකත
සිත නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් පසු තව තවත් අලුත් ඇඳුම් ලැබේ.
සා නැකත
සා නැකතින් අලුත් ඇඳුම් අැන්ද පසු හොඳ ආහාරපාන ලැබේ.
විසා නැකත
විසා නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් ප්‍රසිද්ධිය ඇති වේ.
අනුර නැකත
අනුර නැකත ඇති වේලාවේදී අලුත් ඇඳුම් ඇඳීමෙන් හොඳ මිතුරන් සහ සමාජයෙන් ජයග්‍රහණ ලැබේ.
දෙට නැකත
දෙට නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් පසු අලාභ පාඩු සිදු වේ.
මුල නැකත
මුල නැකතින් අඳින ලද ඇඳුම්, ඇඳුම් සෝදන්නා අතින් ජලයේදී නැති වේ.
පුවසල නැකත
පුවසල නැකතින් ඇඳුම් ඇඳීමෙන් ශරීර සෞඛ්‍යයට හානි ඇති වේ.
උත්‍රසල නැකත
මෙම නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් ප්‍රීතිමත් අනර්ග මංගල භෝජන ලැබේ.
සුවන නැකත
මෙම නැකතින් ඇඳුම් ඇඳීමෙන් අක්ෂි පීඩා ඇති වේ.
දෙනට නැකත
මෙම දෙනට නැකතින් අලුත් ඇඳුම් ඇඳ ගොවිතැන් කටයුතු කිරීමෙන් කෙත්වලින් සරු අස්වැන්නක් ලැබේ.
සියාවස නැකත
මෙම නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් වස විෂ හේතුවෙන් අනතුරු ඇති වේ.
පුවපුටුප නැකත
මෙම නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් ජලයෙන් අනතුරු ඇති වේ.
උත්‍රපුටුප නැකත
මෙම නැකතින් අලුත් ඇඳුම් ඇඳීමෙන් දරු ඵල ලැබේ.
ෙර්වතී නැකත
මෙම නැකතින් අලුත් අැඳුම් ඇඳීමෙන් ධනය, මැණික් ආදී ලාභ ලැබේ.
එම්. විජේසේන
වේවැල්දෙණිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd