විවාහ දිවියට ඇතුළු වන සෑම අයෙක්ම විවාහ විමට ප්‍රථම කේන්ද්‍ර ගළපා විවාහ ජීවිතයට ඇතුළත්වීම ඉතා සුභදායක කරුණකි. එසේ ගැළපීමක් නැති දෙදෙනෙකු විවාහ වීමේදී සාර්ථක යුග දිවියක් ගත කිරීමට අපහසුයි. දික්කසාදවීම් බහුල සිදුවන යුගයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රේම සබඳතාවලට මුල් තැන දී කේන්ද්‍ර බැලීම පැත්තකට විසිකර කරන විවාහ ජීවිතවලට මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පෑමට සිදු වේ.
අපේ පැරණි දෛවඥ මහතුන් විසි පොරොන්දම් පසුපස ෙගාස් සීයට මෙතෙකැයි කියා අනුමත කර විවාහවීමට අනුමැතිය ලබා දෙයි. එසේ කරන ලද විවාහ ජීවිත දින කිහිපයකට සීමා වී වෙන්වීමට සිදු වේ. දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍ර අතට ගත් සැණින්ම ගැළපෙනවාද කියා විනාඩි කිහිපයකදී නිගමනය කිරීමට පුළුවනි. එ් අද්දැකීම් අනුවයි.
ඔබට කොම්පියුටරයෙන් පොෙරාන්දම් බලන්න එපා කියන්නේ කොම්පියුටරයට අද්දැකීම් නැති නිසයි. අද්දැකීම් ඇත්තේ මිනිස් මොළයටයි. ශිල්පය පිළිබඳ පරිණත අයටයි. ඉන්දියාවේ භාවිත වන විසි පොරොන්දම් ක්රමයෙහි අප රටට නොගැළපෙන අනවශ්යකම් රාශියක් ඇත. එයින් කිහිපයක් නම්, මහේන්ද්‍ර පොරොන්දම, වෘක්ෂ ෙපාරොන්දම, වර්ණ පොරොන්දම, ගෝත්‍ර පොරොන්දම, ආයු බලය, ඒරාෂ්ටක අපල, මාරක අවස්ථා, දෙදෙනාගේ රෝගී තත්ත්වයන් හොඳින් විමසා බැලිය යුතුයි. පාපාංශක ගැළපීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සඳු මුල් කොට ගෙනයි.
ප්‍රබල විවාහ දෝෂ 20ක් පමණ ඇත. එයට අවධානය ෙයාමු කළ යුතුයි. කොම්පියුටරයට ශනි මංගල දෝෂ පවා කිව නොහැකියි. එයට ශාන්ති කර්ම ඇතත් එය සාර්ථකව සිදු වන බවක් අපට පෙනී ගොස් නොමැත. පොරොන්දම් බැලීමට ප්‍රථම මේ කාලයේ බැලීමට වැදගත් කරුණක් ඇත. එ් මත් උවදුරු වලට වඩාත් නැඹුරු අයෙකු ද යන්න සොයා බැලිය යුතුයි. මත්පැන් වලට ඇබ්බැහි වූ අයෙක් නම් දස පොරොන්දම්, විසි පොරොන්දම් කොපමණ ගැළපුණත් විවාහය අසාර්ථක වන බව කිය යුතුමයි. එසේ නොමැති වුවහොත් සහකාරියට ගුටි බැට කන්නට සිදුවේ. සැමදාම විවාහයෙන් සැපතක් නම් නැත. අඬා අඬා වැලපී සිටීමට සිදු වේ.
කොම්පියුටරයෙන් ෙපරොන්දම් බලන විට මත් කුඩු, මත්පැන් බොන අය කිව නොහැක. දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට මේ සෑම කරුණක්ම හොඳින් විග්රහ කළ හැකියි. සමහර අය එවෙලෙහිම පොරොන්දම් බලා ගැනීමට පැමිණෙන අයද අප අතර සිටිති. එම පොරොන්දම් බැලීමෙන් වැළකී දින දෙක තුනකට පසු පිළිතුරු ලබාගන්න.
අවසාන වශයෙන් කිව යුතු වැදගත් කරුණක් ඇත. එය අපේ තරුණ පරපුරටයි. ප්‍රේම සම්බන්ධතා අනුව විවාහ වූවාට වරදක් නැත. ෙපාරොන්දම් ගැළපී ඇතිනම් පමණක් විවාහවන්න. දෙමාපියන්ට කීකරු වී ඔබේ අනාගතය සාර්ථක කර ගන්න. විශේෂයෙන් විසි පොරොන්දම් දස පොරොන්දම්වලට වඩා වැදගත් වන්නේ ග්‍රහ පොරොන්දමයි. එම නිසා ග්‍රහ පොරොන්දමට මුල් තැන දී විවාහය පරීක්ෂා කර ගන්න. සියලුම සත්‍ය වාර්තා ඇත්තේ කේන්ද්‍රය තුළයි.
ඔබට ජයක්ම වේවා! තෙරුවන් සරණයි!
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
වාස්තු විද්‍යාඥ
තිලක් රත්නායක
අනුරුද්ධ විද්‍යාල මාවත,
ලුණුවිල, වෙන්නප්පුව
දු.ක. 0776604283

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩගොස්තරයට හදාගත්ත තවත් බොරුවක්. ඕවා ඔක්කොම බොරු, නියාම ධර්ම 5ට අනුව හැම දේම වෙන්නේ.
මොන නින්දිත වැඩක්ද ? මිනිස්සුන්ව හුරාගෙන කන්නට කරන විජ්ජාවල්.
ඉතින් මොහුත් කරන්නේ ලිත් පොත බලලානේ. කොම්පියුටර් එකට ලිත් පොත ඇතුලත් කරලා තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ජෝතිර් කාරයන්ට වැඩිය කොම්පියුටර් එක 100% හරි.
ඉස්සර ලංකා සමාජයේ එක ගෙයි කෑම වැනි සිරිත් තිබුනා. ලිඛිත විවාහයන් නොතිබූ කාලයෙ අඹුවන් කිහිපදෙනෙක් තියාගත් පිරිමිත් සිටියා. අදටත් එලෙස ජීවත්වන අය සිටින බව රහසක් නොවේ. රජවරු අන්තඃපුර තියාගෙන සිටියා. මුස්ලිම් වරුන්හට භාර්යාවන් කිහිපදෙක් තියාගැනීම අනුමත දෙයක්. ඔය සියල්ලම කේන්දර බලලාද වන්නේ? කතෝලික සිංහල අයවත් කේන්දර බලන්නේ නෑ. අනෙක ලෝකයේ වැඩි දෙනෙක් කේන්දර බලන්නෙ නෑ. එතකොට ඒ විවාහයන් වැඩිහරියක් අසාර්ථකයි ද? අනෙක ඔය සාර්ථකයි කියන්නේ මොකක් ද?
මේ විසිඑක්වන සියවසේ දෙවන දශකයයි, බඩගෝස්තරවාදී බොරුකාරයින් ප්‍රතික්ෂේප වන කාලයයි. පොරොන්දන් පසක තබා දෙදෙනා පන්සිල් රකිනවාදැයි සොයා බලමු.
kajani හරි. ඒ විතරක් නෙවෙයි ඔය කම්පියුටර් කපුවන් ගැන හොඳට හොයන්න.
අනේ මංදා. මගෙ අක්කා බැන්දෙ ඔය මොකුත්ම නැතුව. දැන් අවුරුදු 20ක්. ලොකු ළමයි 4ක් ඉන්නවා. අදටත් කිරියි පැණියි වගෙ. ඕවා බඩවඩා ගන්න කරන දේවල්. බුදුබණේ තියෙන්නෙ "තාරකා අපිට මොනව කරන්නද කියලා "