
ඩුබායි පොලිස් කාන්තාවන් සහ නවතම අධිවේගී මෝටර් රථ
ඇමෙරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, පාඕ අල්ටෝ කේන්ද්‍රකොටගත් ‘ටෙස්ලා’ සමාගම ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී සිටින්නේ, ඔවුන්ගේ අපූරු නව නිපැයුම් නිසාය. තනියෙන් යා හැකි මෝටර් රථ පමණක් නොව, අභ්‍යවකාශ යානා සහ රොකට්ටු පවා ටෙස්ලා සමාගම නිර්මාණය කරමින් අත්හදා බැලීම් කරයි. ටෙස්ලා සමාගම හිමි ප්‍රධානියා වන්නේ එලොන් මුස්ක් නමැති කෝටිපති ව්‍යාපාරිකයාය. අලුත් විදියට හිතන අයකු වන මොහු නව නිපැයුම්කරුවෙකි.
ටෙස්ලා සමාගම පසුගිය දා අති නවීන තාක්ෂණයෙන් පිරි අපූරු මෝටර් රථයක් ලොවට හඳුන්වා දුන්නේය. මෙය අමුතු හැඩැති පිකප් ට්‍රක් රියකි. මෙම රථය නම් කර ඇත්තේ ‘සයිබර්ට්‍රක්’ යනුවෙනි. ටෙස්ලා සමාගම සයිබර්ට්‍රක් රථ මාදිලි තුනක් නිර්මාණය කර ඇත. ඒවා එළිදැක්වීම පසුගියදා සිදුවුණු අතර ඇමෙරිකානුවන්ගේ පමණක් නොව ලොව කාගේත් උනන්දුව ඊට යොමු විය. ‘සයිබර්ට්‍රක්’ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධවල දැකිය හැකි ආකාරයේ රියකි. ‘සයිබර්ට්‍රක්’ ලොවට හඳුන්වා දීමට කැලිෆෝනියාවේ පැවැත්වුණු මාධ්‍ය හමුවට එලොස් මස්ක් ද සහභාගී විය. ‘සයිබර්ට්‍රක්’ රථය ගැන සවිස්තර විස්තර එහිදී අනාවරණය කෙරුණි. සයිබර්ට්‍රක් මුළුමනින්ම ඉලෙක්ට්‍රික් රියකි. බැටරියකින් පණ ගැන්වෙන බැවින්, ඉන්ධන දහනයක් සිදු නොවෙයි. පරිසර හිතකාමීය.

ඩුබායි පොලිසියට එක්වනු ඇත්තේ මෙවැනි සයිබර්ට්‍රක් රියකි.
‘සයිබර්ට්‍රක්’ පිකප් රියේ බඳ පමණක් නොවෙයි, වීදුරු ද ඕනෑම දේකට ඔරොත්තු දෙයි. ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුවහොත්, වීදුරුවලට හානි සිදුවන නමුත් කැඩී කුඩු පට්ටම් වන්නේ නැත. මිල ඇමෙරිකන් ඩොලර් 39,000 යේ සිට ඉහළටය. අසාමාන්‍ය පෙනුම සහ හැඩය හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකුගේ උසුළුවිසුළුවලට සයිබර්ට්‍රක් පිකප් රථය ලක් විය. එය විහිළුවක් බවත් ටෙස්ලා සමාගම සහ එලොස් මස්ක් මොකක් හරි දෙයක් අටවා විකුණන්න හදන බවටත් ඇතැම්හු චෝදනා නගන්න වූහ.
ඇතැම් ඇමෙරිකානුවන්ට විහිළුවක් වුණත්, ‘සයිබර්ට්‍රක්’ රිය ගැන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය උනන්දුවක් දක්වා ඇත. ඒ, කැලිෆෝනියාවේ මාධ්‍ය හමුවේ දී, ‘සයිබර්ට්‍රක්’ රථ පෙළ හඳුන්වාදීමත් සමඟය. පොලිස් මෙහෙයුම් සඳහා ඩුබායි පොලිසිය දැනටමත් නවීන තාක්ෂණය යොදා ගනී. පරිසර හිතකාමී අධික වේගයෙන් යා හැකි පොලිස් රථ පෙළක් ඩුබායි පොලිසියට ඇතුළත්ය. ඇස්ටන් මාටින්, සහ බෙන්ට්ලි මෝටර් රථ ඒ අතරේ ඇත. සයිබර්ට්‍රක් රථ පිකප් රථය දකින්න ලැබීමෙන් පසු එළැඹෙන 2020 දී ‘සයිබර්ට්‍රක්’ රථ පෙළක් පොලිස් සේවයට එක් කර ගන්නා මෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප ජනපති, අගමැති මෙන්ම ඩුබායි පාලකයා ද වන ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කර තිබේ.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd