(ජූඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත නගර සභාවෙි සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුෂාන් අබේසේකර මහතාද, උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුල්කීන් වහාබ් අමීන් මහතාද තේරී පත් විය.
වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) හලාවත නගර සභාවේ පිහිටි සභා ශාලාවේදී රැස්වීම පැවැත්විණි.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 7 ක්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 6 ක්,පොදුජන පෙරමුණ පක්ෂයෙන් සභිකයින් 6 ක් සහ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් 1 සභිකයෙක් තේරී පත්වී ඇත.
සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවැත්විණි.
සභාපති ධූරයට තරග වැදණු එක්සත් ජාතික පක්සයේ කුෂාන් අබේසේකර මහතාට ඡන්ද 12 ක්ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදුණු හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාට ඡන්ද 07 ක්ද ලැබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කුෂාන් අබේසේකර මහතා හලාවත නගර සභාවේ සභිපතිවරයා ලෙස තේරී පත් විය.
උප සභාපති ධූරය සඳහා තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුල්කීන් වහාබ් අමීන් මහතාට ඡන්ද 12 ක්ද,පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග වැදුණූ චින්තක ජයසේකර මහතාට ඡන්ද 5 ක් ද ලැබිණි.ඒ අනුව සාදුල්කීන් වහාබ් අමීන් මහතා උප සභාපතිවරයා ලෙස තේරී පත් විය.
ජනතාවිමුක්ති පෙරමුණ පක්ෂය නියෝජනය කළ සභිකයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි,අශෝක ප්‍රියන්ත, ශාන්ත සිසිර අබේසේකර,අරුන්දක ප්‍රනාන්දු, වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන පාලිත රෝහණ,සන්නද සන්ධ්‍යා කුමාර රාජපක්ෂ,ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වුහ.
2025 දෙසැම්බර් මස 18
38
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
126
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත නගර සභා පුටුව එජාපයට