(අනීෂා මානගේ)
බලපත්‍ර නොමැතිව අවන්හළක් තුළ දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් මත්පැන් තොගය සමඟ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මාතර පොල්හේන මරියපාර ප්‍රදේශයේ පිහිටි අවන්හළක අලෙවි කරමින් තිබූ මත්පැන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මත්පැන් අතර රතු රම් බෝතල් එකක්, රජයේ අරක්කු බෝතල් දෙකක් , මිලිලීටර 750ක ප්‍රමාණයේ සුදු වයින් බෝතල් 14ක්, රතු වයින් බෝතල් හතරක්, මිලිලිටර හයසිය විසිපහ ප්‍රමාණයේ බීර බෝතල් 22 ක් , මිලිලීටර තුන්සිය තිහ ප්‍රමාණයේ බීර ටින් දහහතරක් හා මිලිලීටර 500 ප්‍රමාණයේ බීර ටින් 13ක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd