IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෝටන්තැන්නේ මං පෙත් අලුත් කරයි

(ශාන්ත චන්ද්‍රසිරි)

හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති.

කොරෝනා වෛරසය මෙරට පැතිරීයාමේ අවදානම මත දැනට වසා දමා තිබෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ස්වාභාවික මංපෙත් සියල්ලම දෙස් විදෙස් සංචාරකයන්ට අපහුසතාවයකින් තොරව ගමන් කිරීම සඳහා සකස් කරමින් පවතින බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

වනෝද්‍යානය යලි දෙස් විදේස් සංචාරකයන්ට නැරඹීම සඳහා විවෘත කිරීමත් සමග ඔවුන්ට බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුලත නැරඹීමට යාම පිණිස අවශ්‍ය කරනු ලබන මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම මෙසේ වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතින බවද ඒ මහතා කීය.

ලෝකාන්නතය, බේකර්ස් දිය ඇල්ල, චිමිණි පොකුණ ආදී හොර්ටන්තැන්න වනෝද්‍යානය ඇතුළත පිහිටි සුන්දර ස්ථාන නැරඹීමට පිවිසෙන ස්වාභාවික මංපෙත් සියල්ලම මෙසේ සකස් කරමින් බවතින බවත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට බොහෝමයක් අවසන් අදියරේ පවතින බවද හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (2)

හෝටන්තැන්නේ මං පෙත් අලුත් කරයි

wedage Tuesday, 02 June 2020 08:18 AM

අපේ අනිත් කට්ටිය ගස් ටිකට වැඩේ දෙයිද දන්නේ නෑ

:       0       1

Sudath Tuesday, 02 June 2020 05:27 PM

මම හිතන්නේ පරිසරයට කැමැති බොහෝ දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ සතුට වන්නේ ස්වභාවික පරිසරයේ ඇවිද යාමයි . ඒ සඳහා පහසුකම් සැපයිම තුළින් සංචාරක පැමිණිම අඩුවීමටද පුලුවන. ඒ නිසා මෙවන් දේවල් කිරිමේදි සංචාරකයින්ගේ අදහස්වලටද ඉඩක් ලබාදුන්නානම් වටි. කෙසේ නමුත් තව ටිකක් කල් යනවිට පාපැදි යතුරුපැදිවලින්ද යාමට වාසනාව උදාකරමින් එය නව ආකාරයේ ෆන් එකක් ⁣ලබාදීමටත් පුලුවන. කෙසේ වෙතත් ස්වභාවික වන රොද විනාශවිම දුකකි. හැමදාම වාගේ යන්නට රුචියක් දක්න මෙය අනාගතයේ දුකක් වනු දැකිම බලවත් කණගාටුවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site