IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිඟුරක්ගොඩ ප්‍රා.සභා පුටුව ශ්‍රීලනිපයට


                                 
(ක.ග කරුණාරත්න,ඩබ්.ඒ.පියතිලක)

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත මහතා ද උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මන්ත්‍රීවරයා තේරිපත් විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 13කි.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මංගල සැසිවාරය  අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ත්වයෙන් පැවැත්විණි.

එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද වට දෙකක්  පවත්වනු ලැබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත එම පක්ෂයේ එල්.පී නවරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පියතිස්ස බණ්ඩාර යන මන්ත්‍රීවරු ඉදිරිපත් වූහ. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඩී.ආර් උඩවත්ත මහතා ඡන්ද 16 ක්, එල්.පී නවරත්න මහතා ඡන්ද 14ක්, පියතිස්ස බණ්ඩාර මහතා ඡන්ද 13 ක් වශයෙන් ලබා ගත්තේය.

සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා දෙවන වටයේ ඡන්දක් පැවති අතර එයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත සහ එල්.පී නවරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි. 

එම ඡන්ද විමසීමේදී උඩවත්ත මන්ත්‍රීවරයා ඡන්ද 16 ක් ද එල්.පී නවරත්න මහතාට හිමිවූයේ ඡන්ද 10 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 6 කින් ඩී.ආර් උඩවත්ත මහතා හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ව වශයෙන් තේරී පත් විය.

උප සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ යන මහත්වරුන් ඉදිරිපත් වූ අතර ඡන්ද 17 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මහතා උප සභාපති ධුරයට තේරී පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ මහතාට හිමි වූයේ ඡන්ද 15 ක් පමණි.



අදහස් (0)

හිඟුරක්ගොඩ ප්‍රා.සභා පුටුව ශ්‍රීලනිපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site