IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හක්ක පටස් කෑ වන අලියෙක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
 
නවගත්තේගම කොන්කඩවල රක්ෂිතයේ හක්කපටස් කා මිය ගිය වන අලියකුගේ සිරුරක්  වන ජීවි නිලධාරීන් විසින් අද(17) සොයා ගෙන ඇත.
 
වයස අවුරුදු 10 ක් පමණ වූ මෙම වන අලියා උසින් අඩි හයක් පමණ වන බවද වනජීවි නිලධාරීහු පවසති.
 
වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවා කොට්ටගොඩ මහතා අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමේදී අනාවරණය වූයේ වට්ටක්කා හෝ වෙනත් ආහාරයක් සමඟ හක්කපටස් යොදා ඇති බවත්, අලියා දින කිපයක් නිරාහාරව වේදනා විඳිමින් සිට මරණයට පත්ව ඇති බවත්ය.
 
වල් ඌරන් දඩයම්කරන මිනිසුන් ඇතැම් අවස්ථාවලදී මෙම හක්කපටස් උගුල අටවන බවත්, එය සැපීමත් සමඟ මුඛයට දරුණු තුවාල සිදුවී අලි මිය යන බවත් ඒ මහතා පැවසීය.



අදහස් (0)

හක්ක පටස් කෑ වන අලියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site