IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සබරගමුව සරසවියට‍ නව වැඩබලන උපකුලපතිවරයෙක්

ප්‍රින්ස් රත්නායක

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්. කේ. අතුල ඥාණපාල මහතා පත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් මෙම පත්වීම සිදුකර ඇත්තේ හයවැනි උපකුලපතිවරයාවූ මහාචාර්ය සුනිල්ශාන්ත මහතාගේ ධූර කාලය මැයි 18 වැනිදායීන් අවසන් වීමත් සමග නැවත ස්ථිර උපකුලපතිවරයෙක් පත්කරන තෙක් පරිපාලන කටයුතු සිදු කිරීමටය.

අද (19 ) වැනිදා මහාචාර්ය අතුල මහතා නිල වශයෙන් සිය ධුර කටයුතු ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ කළේ වැඩබලන ලේඛකාධිකාරී කමල්ගුණවර්ධන මහතාට සිය පත්වීමේ ලිපිය භාර දෙමිණි.

මහචාර්ය අතුල ඥාණපාල මහතා සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමුශිෂ්‍ය කණ්ඩායමේ දීප්තිමත් ශිෂයෙක් වූ අතර කථිකාචාර්වරයෙක් ලෙස විශ්වවිද්‍යාලයේ කටයුතු කරමින් සංචාරක කළමනාකරණ අධ්‍යන අංශයේ අංශාධිපති තනතුර දරා ඇති අතර කළමනාකරණ පීඨයේ වත්මන් පීඨාධීපතිවරයාද වේ. සිය නිල රාජකාරි කටයුතු ආරම්භක අවස්ථාවට අධ්‍යන පරිපාලන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්වූහ.


 



අදහස් (0)

සබරගමුව සරසවියට‍ නව වැඩබලන උපකුලපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site