IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැලි ජාවාරමේ යෙදුණු 4ක් අත්අඩංගුවට

(ඩබ්. ඒ. පියතිලක)

සෝමාවතිය ජාතික උද්‍යානයේ  පෙරියාරු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමා ප්‍රවාහනයට සූදානම් කර තිබූ  ට්‍රැක්ටර්  රථ 2ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු (14) අද කළ වැටලීමකදී  අත්අඩංගුවට ගෙන ඇත.

කලක පටන් ඉතා රහසිතගව රාත්‍රී කාලයේ  සෝමාවතිය ජාතික උද්‍යානයට අයත් පෙරියාරු  ගඟේ වැලි ගොඩ දමා ට්‍රැක්ටර් මගින් රැගෙන  යාම ජාවාරම්කරුවන් විසින් සිදු කරන බවත්, මෙම ජාවාරම සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සෝමාවතිය ජාතික උද්‍යානයේ  වනජීවි  නිලධාරීන් විසින් විශේෂ  වැටලීමක් අලුයම ආරම්භ කර  තිබේ. 

එහිදී අත්අඩංගුවට පත් පුද්ගලයින් පොලොන්නරුව 12 ඇළ ප්‍රදේශයේ අයයි. 

අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ  ට්‍රැක්ටර්  රථ දෙක අද (14)  හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සෝමාවතිය ජාතික උද්‍යානයේ භාරකරු  ඩබ්.එච්.එල්.කේ. වාසල මහතා පවසයි.



අදහස් (0)

වැලි ජාවාරමේ යෙදුණු 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site