IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති

(ජුඩ් සමන්ත)
 
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  අද (08) සහ හෙට (09)  දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර  තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමේදී, නව පත් කිරීම් සිදු කිරීමේදී  වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අත්තනෝමතිකව  කටයුතු කරන බවත්, සේවා  හැදුනුම්පත් ලබා දීම සදහා වසර 2 කට පෙර සියළුම තොරතුරු ලබා ගෙන ඇතත් එය ඉටු නොකිරීම,වසර 6 කට වැඩි කාලයක් ගමන්මලු ලබා නොදීම යන කරුණු  මුල් කරගනිමින්  මොවුහු මෙම වැඩ වර්ජනයට අවතීරණව සිටින බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහණ මහතා සදහන් කළේය.

ඒ අනුව  අද (08) සිට තලවිල දේවස්ථානයේ විශේෂ රාජකාරි සදහා වාර්තා කර ඇති මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැර සෙසු සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙන් ඉවත් වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් 60 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 115 දෙනෙකු වෘත්තීය ක්‍රියා මාර්ගයට සම්බන්ධ වී ඇත.



අදහස් (0)

වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site