(රෝවන් පෙරේරා )
ආණමඩුව සියඹලා ගස් හේන ප්‍රදේශයයේ වන අලියකු මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් පැවසීය .
වයස අවුරුදු දහ අටක් පමණ වයසැති උස අඩි හතක් පමණ වන මෙම වනඅලියා සියඹලාගස් හේන ප්‍රදේශයේ වත්තක වැටී සිටින දුටු ප්‍රදේශවාසියකු වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.
පසුව එම ස්ථානයට ගිය වනජීවී නිලධාරීන් මියගොස් ඇති වන අලියා සහ එම ස්ථානය පරික්ෂා කිරීමේදී විදුලි සැර වද්දා මෙම අලියා ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත .
පසුව වනජීවී නිලධාරීන් එම ඉඩමේ හිමිකරුවා වන ආර් එච් එම් ගුණතිලක මහතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . අත්අඩංගුවට ගත් එම පුද්ගලයා ආණමඩුව පොලිසියට ඉදිරි අධිකරණ කටයුතු සඳහා භාරදී ඇති බවත් වනජීවි නිළධාරීන් පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අලියා මේ ගොවි මහතාගේ හේන විනාශ කොට, ගොවි මහතාට පහර දී ඔහුව මරා දැමුවා නම්, ඒ පිළිබඳව අත්අඩංගුවට ගන්නේ කවරෙක්ද?
අලි බලන්න අපි හරි අසයි. ඒත් අලි ඉන්න පැතිවල මිනිස්සුන්ට වහ කදුරු වගේ ඇති තමන්ගේ භෝග විනාස කරන කොට කොහොම බල ගෙන ඉන්නද. දුදරුවෝ නඩත්තු කරන්න ඕන. කෙසේ උනත් නව වනජීවී ඇමති තුමන්ලාගේ අවදානය යොමුවේවි ප්‍රර්ථනා කරමි.