IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වතුර නැතිව මුලතිව් වැසියන් දසදහසක් පමණ පීඩාවන්ට


 
                     

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ප්‍රදේශයේ කුඩා වැව් සිඳී යාමත් වර්ෂාව නොමැති වීමත් හේතුවෙන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවුල් 3179 කට අයත් පුද්ගයින් 10,005 දෙනෙකු පමණ පීඩාවන්ට පත්ව ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙති.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ගම්මාන කිහිපයක වැසියන්ට දෛනික අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් එම වැසියන් බොහෝ දුරක් ගෙවා ජලය සොයා යාමට සිදුව ඇති අතරම ප්‍රදේශයේ කුඩා වැව් සියල්ලකම ජලය සීඝ්‍රයෙන් සිඳී යාම හේතුවෙන් වැසියන් මෙන්ම සතා සිව්පාවුන්ද පීඩාවන්ට පත්ව සිටිති.

මුලතිව් පුදුකුඩිඉරිප්පු වේනාවිල් , මන්දුවිල්, ඉරණපලෙයි , දේවිපුරම් , මණ්ණංකණ්ඩාල් , කයිලවී, සුදන්දිරපුරම්, උදයාර්කට්ටු හා විශ්වමඩු යන ප්‍රදේශයන්හි ජීවත් වන වැසියන් දසදහසක් පමණ දෙනා මෙසේ පීඩාවන්ට පත්ව සිටිති.

පවතින නියං තත්ත්වය ඉදිරියටද පැවතිය හොත් පීඩාවට පත්වන ප්‍රමාණයන් දිනෙන් දින වැඩිවිය හැකි අතරම ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් වැඩි දුරටත් පවසයි.



අදහස් (0)

වතුර නැතිව මුලතිව් වැසියන් දසදහසක් පමණ පීඩාවන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site