(මහේෂ් කිර්තිරත්න)
ලොකු ලූනු බීජ නිෂ්පාදනය සඳහා රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් බැංකු ණය වශයෙන් ලබා ගත් මාතලේ ප්‍රදේශයේ ගොවීන් පිරිසකට එම ණය පියවා ගැනීමට නොහැකිවීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇත.
ඉන්දියාවෙන් ගෙනවන ලද ලොකු ලූනු බීජ වෙළදපොළට නිකුත් වීම නිසා ඔවුන්ගේ බීජ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ණය පියවා ගැනීමට නොහැකිව මෙම අපහසුතාවට මුහුණ දී ඇති බව ගොවීහු පවසති.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතිව ඉතා සාර්ථක අයුරින් ඔවුන් මෙම බීජ නිෂ්පාදන කටයුත්තේ නිරත වුවද තමන් නිෂ්පාදනය කරන ලූනු බීජ වලට කිසිදු මිලක් හිමිව නැතැයිද ඔවුහු පවසති.
මේ වන විට මාතලේ ගොවීන් විසින් නිෂ්පාදනය කළ ලොකු ලූනු බිජ කිලෝ 7000 ක් පමණ විකිණිමක් කළ නොහැකිව ගබඩා කර ඇතැයි දිගම්පතහ ලොකු ලූනු නිෂ්පාදන ගොවි සමිතියේ සභාපති අයි.ජි සෙනවිරත්න මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd