IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලුණුගල නායඅවදානමක් නිසා 17 ක් අවතැන්

(ප්‍රසන්න පත්මසිරි)

ලුණුගල ගල්උල්ල වැරැල්ලපතන තේ වත්තේ ඩුමා කන්දේ තිබෙන විශාල ගල් පර්වතයක් නාය යෑමේ අවදානමක් හේතුවෙන් කඳු පාමුල තිබෙන නිවාස කිහිපයක ජීවත්වන පවුල් පහක 17 දෙනෙකුට පදිංචි ස්ථානයක් නොමැතිව පාසලක නවාතැන් ගෙන සිටින බව කියයි.

පසුගියදා පැවති අධික වර්ෂාවත් සමඟ කන්දේ තිබු විශාල ගල් පර්වතයක් නාය යෑමේ අවදානමකට ලක්ව තිබීමෙන් වතු නිවාසවල පදිංචිව සිටි පවුල් පහක නිවසියන් ගල්උල්ල දෙමල විදුහලේ ආරම්භ කළ කදවුරක පදිංචි කරවා තිබෙන බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ජනවාරි පාසල් වාරය ආරම්භ කිරිම පෙර කදවුර ඉවක්කිරීමට සිදු වුණත් අවතැන් පිරිසට යාමට තැනක් නොමැතිව අසරණ වී සිටිති.

ගල් පර්වතය නාය යෑමට ලක්වුවහොත් වතු නිවාස සියල්ලම විනාශ වීමේ අවදානමක් ද තිබෙන බව අවතැන්වුවෝ පවසති.

ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.

‘වැරැල්ලපතන වත්තේ විශාල ගලක් නාය යෑමේ අවදානමක තිබෙනවා. දැනට පවුල් පහක නිවසියන් ගල්උල්ල දෙමල විදුහලේ නවතා තිබෙනවා.

ගල කඩලා ඉවත් කරන්න කියලා ආපදා කළමනාකරණ ආයතනයට හා භු විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන කිහිපයක් දැනුවත් කරලා තියෙනවා.

එම ආයතවල අවසරය ලැබුණු පසු ගල වෙඩි දමා කඩා ඉවත් කර අවතැන් පවුල් පදිංචි කරනවා’



අදහස් (0)

ලුණුගල නායඅවදානමක් නිසා 17 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site