IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රජයේ සහනාධාර - පොහොර සියල්ලක්ම බෙදා අවසන්

(ක.ග.කරුණාරත්න)

මෙවර යල කන්නයේ(2020) පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය නිර්දේශිත රජයේ සහනාධාර පොහොර වර්ග සියල්ලක්ම මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කර අවසන් යැයි පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා අද(15) පැවැසීය.

ඒ අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් මහවැලි කලාප,මහා වාරිමාර්ග සහ සුළු වාරිමාර්ග ඇතුළු සියලූම කුඹුරු ඉඩම් සඳහා ගොවි ජනතාවට බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය පොහොර වර්ග ලබාගැනීමට හැකිවනු ඇති බවද ඒමහතා කීය.

දැනට මාදුරුඔය ජලාශය යටතේ සහ පරාක‍්‍රම සමුද්‍රය යටතේ වී වගා කරන කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර තිබෙන බවත්  මේ මස 20වෙනි දින මින්නේරිය ජලාශයේත් ගිරිතලේ සහ කවුඩුල්ල යන වැව්වල මේ මස 25 වෙනි දිනත්  යල කන්නයේ වී වගාවට ජලය නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද දිස්ත‍්‍රික් ලේකම් වරයා ප‍්‍රකාශ කලේය.

මේ වනවිට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මහ වැව් සියල්ලකම සතුටුදායක ජල මට්ටම් තිබෙන බවද යම් හෙයකින් කවුඩුල්ල සහ ගිරිතලේ යන වැව්වලට ජල හිඟයකට මුහුණපෑමට සිදුවුවහොත් මොරගහකන්ද  ජලාශයෙන් අවශ්‍ය ජල ප‍්‍රමාණය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කලේය.



අදහස් (1)

රජයේ සහනාධාර - පොහොර සියල්ලක්ම බෙදා අවසන්

rasika Wednesday, 15 April 2020 08:56 AM

කොම්පැනියට කවුරුන් හෝ ගෙවිය යුතුමයි. නිලධාරීන්ගේ උවමනාවට වතුර නොදී ගොවීන්ගේ උවමනාවට වතුර දෙන්න පුලුවන්නම් රසායනික පොහොර හා තෙල් වියදම නතර කිරීම කෙසේවෙතත් අඩු කරගත හැකිවේවි.රටේ ජනතාව හොද සෞඛ්‍යයෙන් ජීවත් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site