(රංජිත් රාජපක්ෂ)
මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙලියඔය පිටාර ගැලිමෙන් (19) දින පවුල් 30 කට අයත් සමාජිකයන් 102 පිඩාවට පත් වි ඇති බව ආපද ා කළමණාකර ඒකකය පැවසිය.
මෙසේ පිඩාවට පත් වි ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් ගවරවිල වත්ත පහල කොටසේ මස්කෙලියඔය අසල වතු නිවාස වල පදිංචිකරුවන් පිරිසකි.
(19) දින පස්වරු 4 ට පමණ පැවති අධික වර්ෂාවත් සමග මස්කෙලියඔය පිටාර ගැලිමෙන් තම වතුයායේ හින්දු කොවිල ඇතුළු නිවාස 30 ක් ජලයෙන් යට වු බවත්, ජලය බැස යාමෙන් පසු තම නිවාස වල තිබු සියළුම උපකරණ , ආහාර ද්‍රව්‍යය , වටිනා ලියකියවිලි සහ ඇදුම් පැලදුම් සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බවයි පිඩාවට පත් වතු කම්කරුවන් කියා සිටියේ.
පිඩාවට පත් එම වතු යායේ වතු කම්කරුවන් මස්කෙලියඔයේ ජල මට්ටම පහල බැසිමෙන් පසු තම නිවාස සුද්ද පවිත්‍ර කර ගනිමින් එම නිවාස වලම යලිත් පදිංචි වි ඇති අතර ඔහුන්ට අවශ්‍යය ආහාර පාන ලබා දිමට වතු පාලන අධිකාරිය සහ ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කර ඇත.







2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පවුල් 30 ක් පීඩාවට