IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි

(චන්ද්‍රසේන ගමගේ)
 
හම්බන්තොට,  මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 3ක් අගල් 6 බැගින් විවෘත කර තිබේ.
 
විවෘත කිරීමෙන් අනතුරුව  එයින්  තත්පරයකට ජලය ඝණ අඩි 600 ක් පිටවන බව  වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර් ග ඉංජිනේරු එස්.එම්.එස් වර් ණකුලසූරිය මහතා පැවසීය.
 
එමෙන්ම කැකිරිඕබඩ ජලාශයේ පිට වාන අඩි 02ක් පහත් කළ බවද එමගින් තත්පරයකට ජලය ඝණ අඩි 150ක් පිටවෙන බවද වාරිමාර්ග ඉංජිනේරු වරයා පැවසීය.
 
කිරම ඔය පිටාර ගැලීම නිසා බෙලිඅත්ත වලස්මුල්ල ප්‍රධාන මාර් ගය දම්මුල්ල ප්‍රදේශයෙන් යට වී තිබූ අතර අද(29) පෙරවරුවේ එම මාර් ගයේ ගමන් කරන ලැබුවේ බර වාහන පමණි.
 
එමෙන්ම තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයද ගොඩවානගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබුණු අතර අද දහවල් වන විට එම මාර්ගයේ යතුරු පැදි හා ත්‍රී රෝද රථ වලට ගමන් කිරීමට නොහැකිව තිබුණි.
 
ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා බෙලිඅත්ත අගුල්මඩුව ප්‍රදේශය ජලයෙන් යට වී ඇතැයිද අද දහවල් වන විට අගුල්මඩුව ප්‍රදේශයේ නිවාස 10ක් පමණ ජලයෙන් යටවී ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (0)

මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site