(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ඩී.ඇස් සේනානායක ජාතික පාසල, මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක ගුරුවරු හා විදුහල්පතිවරු අද(12) දහවල් මීරිගම ඩී. ඇස්. සේනානායක ජාතික පාසල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වූහ.
පාසල් දරුවන්ගේ විනය රකින ගුරුවරුන් ආරක්ෂා කරන ලෙසත් බෝරු චෝදනා එල්ල කර ගුරුවරුන් සිරගත නොකරන ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්විණි.
මේ ගැටලුවලට බලධාරීන් මැදිහත්ව වහා කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී තමන්ට දරුවන්ගේ විනය සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ මැදිහත්වීමක් කළ නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවද ඔවුහු පැවසූහ.
පාසැල් විවේක කාලයේදී මෙම විරෝධතාව පැවැත්වූ අතර එය අවසන්වීමත් සමඟ ගුරුවැරු යළිත් තම සේවා කටයුතු සඳහා විසිර ගියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන්ගේ විනය රැකීමයි රෝහල් ගතවෙන්න පහර දීමයි දෙකක්