IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාදු ගඟ පිටාර මට්ටමේ : පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඉල්ලයි

(එම් .සුසිල් ප්‍රියන්ත )

බලපිටියට නොනවත්වාම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාදු ගග පිටාර මට්ටමට පැමිණ ඇති හෙයින් ඒ පිලිබදව දැඩි අවධානයෙන් සිටින ලෙස අහුන්ගල්ල පොලිසිය ගග අවට ජීවත්වන පහත්බිම්වල ජනතාවගෙන් අද (15 )පස්වරුවේ ඉල්ලා සිටියේය.

බලපිටිය බල ප්‍රදේශයට අයත් මාදු ගග අවට පිහිටා ඇති පහත් බිම වන පාතමුල්ල,ඕවිලාන,කුරුදුවත්ත, කජුගහවෙල, සීනිගොඩ යන ගම්මානවල ජනතාවට මෙසේ අවධානයෙන් සිටින ලෙසද පොලීසිය ඉල්ලා සිටියේය.

තවමත් වර්ෂාව නතරනොවී පවතින බැවින් එන්න එන්නම මාදු ගගේ ජල මට්ටම වැඩි වෙමින් තිබෙන බවද පොලීසිය කියයි .

ගගේ ජල මට්ටම වැඩිවෙමින් පවතින හෙයින් ධීවර කර්මාන්තයේ යෙදෙන අයටද සිය රැකියාව අවධානයෙන් යුතුව කරගෙන යන ලෙසද පොලීසිය මාදු ගගේ ධීවර කර්මාන්තයේ යෙදෙන අයගෙන්ද ඉල්ලා සිටියේය .
 



අදහස් (0)

මාදු ගඟ පිටාර මට්ටමේ : පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site