ඉන්දික අරුණ කුමාර
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල , විල්ගමුව , නාඋල , රත්තොට , උකුවෙල හා අඹන්ගඟකෝරළේ ප්‍රාදේශිය සභාවන් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරිපත්වු මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් ඒ සඳහා එක්ව සිටියහ.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි රංජිත් අළුවිහාරේ මහතාගේ මාතලේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී අද (25) දිවුරුම් දීම සිදුකෙරිණි.
මෙවර පළාත්පාලන මැතිවරණයේ දී ජයග්‍රහණය කල එක්සත් ජාතික පක්ෂයේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 05 ක්, විල්ගමුව 05ක්, නාඋල 05 ක්, අඹන්ගඟ කොරළේ 05 ක් , රත්තොට හා උකුවෙල මන්ත්‍රිවරුන් 17 දෙනෙක් වශයෙන් දිවුරුම් දීම සිදුවිය.
මෙම අවස්ථාවට ලග්ගල එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රිනී රෝහිනි කුමාරි කවිරත්න , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ , පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අළුවිහාරේ , මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඊබ්‍රාහිම් හා එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් කළමණාකරු අබේරත්න බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd