IMG-LOGO

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අල්ලයි

(ප්‍රියානි මංගලිකා)

දස හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුගෙන්, එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, නෑදෑයෙකු වන මහලු පුද්ගලයකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අද (03)  පොලීසිය පැවසීය.
                         
අත්අඩංගුවට ගත් පුද්ගලයා දැරියගේ නිවස අසල වෙසෙන 15 හැවිරිදි අසල්වැසි තරුණයකු වන අතර, පලාගිය තැනැත්තා 65 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.

දැරිය ගේ මව පිට පලාතක  ඇඟලුම්  රැකියාවක් සඳහා නිවසින් බැහැරව ඇති අතර, දැරිය තම පියා සහ සහෝදරිය( 16) සමග නිවසේ ජීවත් වී ඇත. පියා සහ සහෝදරිය නිවසේ නොමැති අවස්ථාවල වසරකට අධික කාලයක සිට නෑදෑ සීයා සහ අසල්වැසි තරුණයා දැරිය  අපයෝජනය කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය  සඳහන් කරයි.

දැරිය පාසැල පිරිසිදු කිරීම සඳහා ගිය අවස්ථාවේ , තමාට නෑදෑ සීයා කරදර කරන බවට තම ගුරුතුමියට පැවසීමෙන් පසුව  පියාට දැනුම් දීමෙන් අනතුරුව පොලීසියට පැමිණිලි කර ඇති බවද පොලීසිය පවසයි.
             
ඒ අනුව පරීක්ෂණ සිදුකර මේ වන විට  දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බවද, පලාගොස් සිටින සැකකාර සීයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා ඇති බවද, සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද  පොලීසිය  සඳහන් කරයි.
           
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව  මීගලෑව පොලීසිය සහ නිකවැරටිය  කොට්ඨාස සොකෝ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site