(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිඳුනු දුටුවැව ප්‍රදේශයේ ගම්වාසීහු අද (28) ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
ගලෙන්බිඳුනු වැව බියර් අලෙවිසැලක් ඉදි කිරීමට විරෝධය දක්වමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.
මීට වසර කිපයකට පෙර ගලෙන්බිඳුණුවැව දුටුවැව ගම්මානයේ ඉදිකර තිබු බියර් හල ජනතා විරෝධය හේතුවෙන් වසා දැමුණි. නැවතත් එය තම ගම්මානයේ ස්ථාපනය කිරීමට යන බව දැන ගත් ගම්වාසීන් බියර්හලක් ගම්මානයට අවශ්‍ය නොවන බව පවසා අදාළ බලධාරීන් දැනුවත් කර ඇත. එයට කිසිදු විසඳුමක් නොමැති බව සඳහන් කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරතවූහ.
උද්ඝෝෂකයන් ප්‍රාදේශීය සභාවේ ගේට්ටුව පෙරළා සභාවට ඇතුළු වූ අතර බියර්හල ඉවත් කිරීමට තමන්ට නොහැකි බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇතිවිය.
පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවතිණි.



2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බියර්හලට විරෝධය පා දුටුවැව වැසියෝ උද්ඝෝෂණයේ