(දයාසීලි ලියනගේ)
බද්දේගම ප්‍රාදේශීය සභාවේ මාසික වියදම් වාර්තාව වැඩි ඡන්ද 8කින් පරාජයට පත්වී ඇත.
මෙම වාර්තාවට පක්ෂව ඡන්ද 6ක්ද, විපක්ෂව ඡන්ද 14ක්ද ලැබී තිබුණු බව ප්‍රාදේශීය සභාවේ උපසභාපති ජේ.පී. ඉලේසිංහ මහතා කීය. පොදු ජන පෙරමුණට බලය ඇති මෙම ප්‍රාදේශීය සභාවේ මාසික වියදම් වාර්තාවට එම පක්ෂයේම උපසභාපතිවරයා සහ තවත් 5 දෙනෙකු විරුද්ධව ඡන්ද පාවිච්චි කළ බවද ඉලේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය සභාවට අයත් භූමියක පිහිටි වටිනා ගස්වර්ග 2ක් කපාදැමීම හා සෙවිලි තහඩු වංචාවන් පිළිබදව ඇති චෝදනාවලට විරෝධය දක්වා සභාපතිවරයා ඉදිරිපත්කළ මාසික වියදම් වාර්තාව පරාජය කළ බවද උපසභාපති ජේ.පී. ඉලේසිංහ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බද්දේගම ප්‍රා.සභාවේ වියදම් වාර්තාව පරාජය වෙයි