IMG-LOGO

පිහියෙන් ඇණ ඝාතනය කළැයි පුද්ගලයෙක්ට මරණ දඬුවම

ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
 
මහවැව - කුඩාවැව,දෙණිය ප්‍රදේශයේ දී පිහියකින් ඇණ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බව කියන විත්තිකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය අද (6) මරණීය දණ්ඩය නියම කළාය.

මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ මහවැව - දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මාරසිංහ ආරච්චිගේ අනුර මෙත්තානන්ද  නම් අයෙකුය.

2011 දෙසැම්බර් 30 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී හලාවත මහාධිකරණ බලසීමාවේ මහවැව - දෙනිය ප්‍රදේශයේ දී සේනානායක ආරච්චිගේ හේමසිරි හෙවත් නිමල් යන අයව පිහියකින් ඇණ ඝාතනය කරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

විත්තිකරුට එරෙහිව ගොණු කර තිබූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බව මහාධිකරණ විනිසුරුවරිය පැවසුවාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ පද්මලාල් වීරසිංහ මහතා පෙනී සිටි අතර,විත්තිකරු වෙනුවෙන් නීතිඥ රුවන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පිහියෙන් ඇණ ඝාතනය කළැයි පුද්ගලයෙක්ට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site