IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පස් කන්දක් කඩා වැටී හැටන් - නොටන්බ්‍රිජ් මාර්ගය අවහිර වෙයි

( ශාන්ත චන්ද්‍රසිරි)

දික්ඔය, වනරාජා වත්තේ සමහිල් ප්‍රදේශයේදි පස් කන්දක් කඩා වැටීමෙන් හැටන්- නෝටන්බ්‍රිජ් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට අද (16) උදෑසන බාධා එල්ලව  පැවැතිණි.
 
මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද  මාර්ගයට කඩා  වැටී තිබු අතර, මේ නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා වී පැවැතිණි.
 
අවහිරව පැවැති මාර්ගය යතා තත්ත්වයට පත් කිරීමට හැටන් පොලීසියේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන්  විසින් පියවර ගනිමින් සිටියහ.
 
උඩරට කඳුකරයට පවතින වර්ෂාව හේතුවෙන් උඩරට කඳුකරයේ මාර්ගවලට පස් කදු, ගල් පෙරලීම්, ගස් කඩා වැටීම් වැනි ආපදාවන් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් යුතුව රථවාහන පදවන ලෙස එම මාර්ග  භාවිතා කරනු ලබන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා  සිටිති.


 



අදහස් (0)

පස් කන්දක් කඩා වැටී හැටන් - නොටන්බ්‍රිජ් මාර්ගය අවහිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site