(හැටන් රංජිත් රාජපක්ෂ )
මේ මස 03වැනිදාට යෙදුණු 152 වැනි පොලිස් දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව හැටන් ප්‍රදේශයේ ජනතාව සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් නගර මධ්‍යයෙන් අද (01) සිදුවිය.
මෙම දැනුවත් කිරිමේ වැඩසටහන යටතේ හැටන් ප්‍රදේශයේ ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ වලත් ත්‍රිරෝද රථ සහ වෑන් රථවලත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැන්වීම් ඇලවීමක්ද මෙහිදී සිදුකරනු ලැබීය.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනට හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 8 ක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින් සහභාගි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd