IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස් කොස්තාපල්වරියකගේ බෑගය උදුරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දුම්රියේ ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකගේ අත් බෑගය උදුරාගෙන පලාගිය පුද්ගලයෙකු අද (19) ගම්පහ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරගුල අඹගස්පිටියේ පදිංචිකරුවෙකි.

පොලිස් මූලස්ථානයේ සේවය කරන කොස්තාපල්වරිය ඉකුත් 16 වැනිදා පස්වරුවේ අලව්වේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී පස්වරු 5.30 ට පමණ  මීරිගම බෝතලේ දුම්රිය ස්ථානය පසුකරන අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය සඳහන් කළේය.

කොස්තාපල්වරිය ඒ අවස්ථාවේදීම සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කර ඇතැත් සැකකරු ගමන් කරන කෝච්චියෙන් පැන පලා ගොස් ඇත. 

පොලිස් කොස්තාපල්වරියගේ නිල හැඳුනුම්පත, බැංකු කාඩ් පත ,ජාතික හැඳුනුම් පත සහ තවත් වටිනා ලියකියවිලි රාශියක් බෑගයේ  තිබී ඇති අතර මුදල් තිබී ඇත්තේ රුපියල් 700 ක් පමණි.

මේ අතර කිසියම් පුද්ගලයකු පසුදින බැංකු කාඩ්පතේ තොරතුරු අනුව අදාල බැංකුවට කතා කර මෙම ලිපි ද්‍රව්‍ය තමන්ට හමුවී ඇති බැවින් ඒවා අයිතිකාරියට ලබාදීමට විස්තර විමසා ඇත.

ඒ අනුව බැංකුව මගින් එම පුද්ගලයාට අයිතිකාරියගේ දුරකතන අංකය ලබාදී ඇති අතර ඒ බව සිය ගණුදෙනුකාරියට දැන්වීමටද බැංකුව වහා කටයුතු කර ඇත.

අනතුරුව පොලිස් නිලධාරිණිය  නාඳුනන පුද්ගලයාට  කතා කළ අවස්ථාවේදී තමා විසින් බෑගය පැහැරගෙන යන පුද්ගලයා අල්ලා ගෙන පහර දී ඔහුගෙන් බෑගය උදුරාගත් බවත් බෑගයේ තිබූ භාණ්ඩ බාරදීමට නම් රුපියල් 6500 ක මුදලක් ලබා දෙන ලෙසත් පොලිස් නිලධාරිණියගෙන් ඉල්ලීමක් කර ඇත.

ඇය මේ බව පොලිසියට පැමිණිලි කර සකස් කළ සැලසුම අනුව මුදල් හා ලිපි ද්‍රව්‍ය හුවමාරුව ගම්පහ දුම්රිය ස්ථානය අසල දී සිදු කර ගැනීමට දෙදෙනා එකගත්වය පල කර තිබේ.

එහිදී දෙදෙනා හඳුනා ගැනීමට අවශ්‍ය විස්තර එකිනෙකා ලබාගෙන ඇති අතර කොස්තාපල්වරිය ඒ අනුව කටයුතු නොකිරීමට වග බලාගෙන ඇත්තේ ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයා බෑගය උදුරාගෙන ගිය අයද නැතහොත් වෙනත් කෙනෙක්දැයි හොදින් හඳුනා ගැනීම සඳහාය.

තමන් සාරියකින් සැරසී සිටින බව ප්‍රකාශ කර සායක් සහ හැට්ටයකින් සැරසී සැකකරු හමුවීම සඳහා ඇය ගොස් ඇති අතර සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් අවට රැකවල්ලා සිට ඇත.

පොලිස් නිලධාරිනිය  සැකකාර පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර ඔහු දුරකතන ඇමතුම ලබා ගන්නා අවස්ථාවේදී පොලිස් කාන්තාව කළ සංඥාව අනුව අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන්  අඳාළ සැකකරු අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මේ පුද්ගලයා බෑගය උදුරාගෙන පලා ගිය අයම බවට පොලිස් නිලධාරිනිය ඒ අවස්ථාවේදී හඳුනාගෙන ඇත.

සැකකරු අද (19) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 



අදහස් (0)

පොලිස් කොස්තාපල්වරියකගේ බෑගය උදුරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site