(එච්. චන්දන )
බත්තුළුඔය ප්‍රදේශයේ නව අවන්හළක් තිබූ විවිධ වර්ගයේ දඩ මස් තොගයක් සමඟ එම අවන්හල් හිමිකරු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය කියයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහාකාර අධක්ෂක ඩබ්ලිව්. එම්. කේ.එස් චන්ද්‍රරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමේදී මෙම දඩ මස් තොගය එම අවන්හලේ පිටුපස තිබු අධි ශිතකරණයක කුකුල් මස් උඩට දමා ඇතුළත මෙම දඩ මස් තොගය වනජීවි නිළධාරින්ට සොයා ගැනීමට හැකි වී ඇත.
මෙම වැටලීමේදී කබල්ලෑ මස්,ගෝන, මුවා වල් උරු මස් විශාල ප්‍රමාණයක් අසුරා තිබි ඇත.
සැකකරු හා අත්අඩංගුවට ගත් දඩ මස් තොගය අද (23) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd