IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රි‘ මලේ ජල කප්පාදුවට විරෝධය පා ගම්වැසියෝ පෝස්ටර් අලවති

අමදෝරු අමරජීව
 
හදිසි නඩත්තු කටයුත්තක් සදහා ඉකුත් 07 හා 08 දා  දිනවල ත්‍රිකුණාමලයේ ජලය  කපා හරින බව නිවේදනය කර දින නවයක්  යන තෙක් එම කටයුතු යථා තත්වයට පත්කිරිමට නොහැකි විමට එරෙහිව  ත්‍රිකුණාමලය ජල පාරිභෝගිකයෝ   අද (16)  සිය විරෝධය  පලකරමින්  ජල සම්පාදන හා ජලාප්‍රවාහන  මණ්ඩලයේ නැගෙනහිර  පළාත් කාර්යාලය  හා ප්‍රාදේශිය  කාර්යාලය ඉදිරිපිට  පෝස්ටර් අලවනු ලැබුහ.


විරෝධතා පොස්ටර් ඇලවු ජනතාව පැවසුවේ දින දෙකක් ජලය  අත්හිටුවන බව කීවද අද (16)  වන තෙක් ජලය ලබාදිමට  මණ්ඩලය  අපොහොසත් වි  ඇති බවයි. කන්තලේ ජල පොම්පාගාරයේ  සිට ත්‍රිකුණාමලයට ජලය ගෙන එන ප්‍රධාන  නලයේ අලුත්වැඩියාවකට දින  දෙකක් ජලය  විසන්ධි කළ බලධාරින්ට යථා තත්වයට පත්කළ ප්‍රධාන නලය හතර වතාවක් දින නවයක් තුළ කැඩී යෑම  සැක සහිත බව ජල පාරිභෝගිකයෝ  පවසති.


ඔවුන් එසේ පවසන්නේ මෙම නඩත්තු කටයුත්ත  පෞද්ගලික  අංශයට  ලබාදිම තුළ  බලධාරින්ගේ අතයට ගැහිල්ලක් නිසා  මෙම අසාධාරණය වි ඇති බවයි. ත්‍රිකුණාමලය ජල පාරිභෝගිකයන්ට   මේ වනවිට ජලය වැඩි මුදලට  ගැනීමට සිදුවි තිබේ.


මේ සම්බන්ධයෙන් විමසිමට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එස්.එම්.රසීඩ් මහතාගේ ජංගම දුරකථන 077244044 ට ඇමතුමක් ගත්තද  එයට ප්‍රතිචාර නොදැක්විය.

එහි අභ්‍යන්තර ආරංචි මාර්ග  පැවසුවේ ජල පාරිභෝගිකයෝ බනින නිසා එම ඇමතුම් වලට  ප්‍රතිචාර නොදක්වන බවයි.
 



අදහස් (0)

ත්‍රි‘ මලේ ජල කප්පාදුවට විරෝධය පා ගම්වැසියෝ පෝස්ටර් අලවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site