මිලියන 75 කට වැඩි මුදලක් වැය කරමින් ඉදි කිරීමට යෝජිත කොළඹ තර්ස්ටන් විදුහල් නව නේවාසිකාගාරය වෙනුවෙන් ජනවාරී 30 වැනිදා සවස 2 ට තර්ස්ටන් විද්‍යාලයීය පා ගමනක් පැවැත්වීමට යයි.
වසර 66 ක ඉතිහාසයකට හිමිකම් කියන තර්ස්ටන් විදුහලේ මෙම පා ගමන කිලෝමීටර 35 ක දුරක් ගමන් කර එම විදුහල් ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින් අවසන්වේ.
සිසුන් 150 කට නේවාසික පහසුකම් සැලසීමේ අරමුණින් මෙම නේවාසිකාගාරය ඉදි කිරීමට නියමිතය. පාසල් සංවර්ධන සංගමය සහ තර්ස්ටන් ආදී ශිෂ්‍ය සංගමය එක්ව මෙය සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධයාපනයටඅනාගතයකට කරන ආයෝජනයක(අ)
සාර්ථක වේවා (ම)