IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


තොඩුවාව වෙරළ රැක ගන්න ගල් වැටි දැමිම අරඹයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් වෙරළ ඛාදනය උග්‍ර වි ඇති මහවැව තොඩුවාව වෙරළ තිරය ආරක්ෂා කර ගැනිමට මේ වන විට ගල්වැටි දැමිම අරඹා ඇති බව වෙරළ සංරක්ෂ ක දෙපාර් තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

වෙරළ ඛාදනය හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය මිටර් 800 ක පමන දුරකට මුහුදේ සිට ගොඩ බිම දෙසට උග්‍ර ඛාදනයට ලක්වි තිබේ.

මෙම මුහුදු ඛාදනය හේතුවෙන් මේ වන විට තොඩුවාව මහජන ක්‍රිඩාංගනයේ විශාල භුමි ප්‍රමානයක් ඛාදනයට ලක්වි තිබේ.

ඒ සමගම නිවාස රැසක්ද මේ වන විට මුහුදට බිලි විමේ දැඩි අවධානමකට ලක්වි තිබේ .

ඒ සමගම පොල් ගස් රැසක් මේ වන විට මුහුදට බිලි වි අවසන්ය.
 
ඛාදනයට ඔරෝත්තු දෙන හදුනාගත් කාපට් විශේෂයක් අතුරා ගල් වැටි දැමිම ආරම්භ කර ඇති ආකාරය දැක ගත හැක.
 
කෙසේ නමුත් මේ වන විට ඛාදනය වැලැක්විම සදහා රැගෙන විත් වෙරළට දමා තිබු දැවැන්ත කළුගල් අධික රළ පහරත් සමග මුහුදට ගසා ගෙන තිබේන අයුරු දැක ගත හැකිය.
 
මේ පිළිබදව කල විමසිමේදි වෙරළ සංරක්ෂණ දෙපාර් තුමේන්තුවේ කොළඹ උතුර කලාපය භාර ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා පවසා සිටියේ මෙවැන්නකී.
 
“ මේ හදිසි තත්වයක් නමුත් අපි කලින්ම මේ සදහා කටයුතු ආරම්භ කර තිබුනා .ඒ නිසා දැනට ඛාදනය උග්‍ර වි හානිය වැඩි වි ඇති තොඩුවාව මුහුදු සිමාව තුඵ පනා බැමී දැමිමට කටයුතු කර තිබේනවා .ඒ සදහා මිලියන 32 ක් ( ලක්ෂ 320 ) ක් යෙදවිමට නියමිතයි .
 
මේ එක් පනා වැටියක් සදහා මිලියන 4 ක් ( ලක්ෂ 40 ක් වැය වෙනවා .අපි කඩිනමින් වෙරළ ආරක්ෂා කරන කටයුත්ත සිදුකරමින් සිටිනවා යැයි පැවසිය.

 



අදහස් (0)

තොඩුවාව වෙරළ රැක ගන්න ගල් වැටි දැමිම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 164 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site