(අනීෂා මානගේ)
තංගල්ල දංකැටිය ප්‍රදේශයේ හෝටලයක අද (9) දහවල් හදිසියේ ඇති වූ ගින්නකින් එම හෝටලයට දැඩි හානි සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
හෝටලයේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි පොලිසිය සැකකරයි.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති වුවද හෝටලයට දැඩි අලාභ හානි සිදුව තිබූ බව පොලිසිය කියයි.
හෝටලයේ උත්සව ශාලාව දක්වා ගින්න පැතිරීම හේතුවෙන් එහි සිවිලිම ද කඩා වැටී තිබිණි.
තවද හෝටලයේ තිබූ උපකරණ රැසකටද හානි සිදුව තිබිණි. තංගල්ල මූලස්ථාන පොලිසිය සහ තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහයෙන් ගින්න නිවා දැමීමට හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd