ක.ග කරුණාරත්න
පොලොන්නරුව, ජයන්තිපුර, තඹලවැව පන්සල පාරේ පිහිටි දුරකතන සංඥා කුලුනක් අසල තිබී ජීව අත්බෝම්බයක් අද (08) සවස හමුවූ බව මින්නේරිය පොලිසිය කියයි.
දුරකතන සංඥා කුලුනේ අලුත්වැඩියාවක් සඳහා පැමිණි කාර්මිකයෙකු එය දැක පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ ජීව අත්බෝම්බය මින්නේරිය යුධ හමුදා කඳවුරේ නිලධාරීන් මගින් නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd