IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘ගුරු මාරු දේශපාලනයට යට වෙලා’ - ලංකා ගුරු සේවා සංගමය

බිඟුන් මේනක ගමගේ 
 
වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දේශපාලන හා නිලධාරින්ගේ හිතවත්කම් මත කිරීමට ඉඩහැර ඇතැයි චෝදනා කරමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
 
මෙම තත්ත්වයට මග පෑදී ඇත්තේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය නිසියාකාරව ක්‍රියාවට නොනැගීම යැයි ද එය ගුරුවරුන්ට කරන බරපතල අසාධාරණයක් යැයි ද එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
 
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අංක 2007/20 දරණ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට අනුව එහි 2.2 වන වගන්තියේ සඳහන් පරිදි වාර්ෂික ගුරුමාරුවීම් සිදුකිරීමේදී රේඛීය අමාත්‍යාංශය මට්ටමින් ජාතික හා අන්තර් පළාත් ගුරුමාරු සංඛ්‍යා නිශ්චය කිරීමේ මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු වුවද මෙතෙක් එය ක්‍රියාවට නැගී නැතැයි ද එම ලිපියෙන් ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි. 
 
පළාත් රාජ්‍ය සේවයේ සිට ජාතික පාසල්වලටත් පළාත් අතරත් වාර්ෂික ස්ථානමාරුවීම් අයැඳුම්කරන ගුරුවරුන් 4000 ට ආසන්න පිරිසක් සිටින නමුත් ඔවුන්ට විධිමත්ව ස්ථාන මාරුවීම් නිර්දේශ ලබාදීම සිදුනොවන බැවින් විවිධ දේශපාලන හා නිලධාරී හිතවත්කම් පසු පස ගොස් මෙම නිර්දේශ ලබාගැනීමට සිදුව ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
 
ඒ අනුව 2019 වසරේ සිට හෝ ගුරුමාරු සංඛ්‍යා නිශ්චය කිරීමේ මණ්ඩලය ස්ථාපිත කිරීමට කටයුතු කරන්නැයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (0)

‘ගුරු මාරු දේශපාලනයට යට වෙලා’ - ලංකා ගුරු සේවා සංගමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 331 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site