මැදගම රම්‍යලතා පද්ම කුමාරි
පිටරටින් ගම්මිරිස් ගෙන්විම වහාම නවත්වා දේශිය ගම්මිරිස් සදහා නිසි මිලක් ලබා දෙන ලෙස ද රබර් මිල ඉහල දමා දෙන ලෙසද ඉල්ලමින් මොනරාගල බදුල්ල මාර්ගය හරස් කර අද (22) උදේ බඩල්කුඹුර නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විය.
බඩල්කුඹර නගරයට අද (22)උදේ 10.30ට පමණ තුන්සියයකට ආසන්න පිරිසක් ගම්මිරිස් වැල් ගෙල පලදමින් විරෝධතා පුවරු ද සමග එක්ව රැස් මෙම උද්ඝෝෂණය පැවැත් වූ අතර ඔවුනට සහය දක්වා බඩල්කුඹුර නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා තිබුණි. රතිඤ්ඤා පත්තු කරමින් විරෝධතාවය පල කලහ.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.