(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ චන්දන ජයවීර)
දිඹුල -පතන පොලිස් වසමට අයත් දිඹුල තේ වතුයායේ පහළ කොටසේ නිවාස දෙකක් මතට අද (19) විශාල කොස් ගසක් කඩා වැටීමෙන් එම නිවාස වලට බරපතල හානි සිදුව තිබේ.
මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින දැඩි වර්ෂාව හා සුළං සමඟ මෙම නිවාස අසල පිහිටි කොස් ගසක් මෙසේ කඩා වැටී ඇති අතර මෙම අනතුරින් එක් නිවසක් හා තවත් නිවාසයක මුළුතැන්ගෙයට හානි සිදුව තිබේ.
අනතුරින් නිවාසවල පදිංචිකරුවන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd