IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෂොක්ජී ඝාතනය ගැන මාධ්‍ය සංවිධාන අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලයි

බිඟුන් මේනක ගමගේ 
 
 
සෞදි ජනමාධ්‍යවේදී ජමාල් කෂොක්ජී ඝාතනයට වගකිවයුත්තන් සෙවීම සඳහා අන්තර්ජාතික විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන මණ්ඩලයක් හරහා විමර්ශනයක් කළ යුතු යැයි මෙරට මාධ්‍ය සංවිධාන හයක් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
කෂොක්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදි පාලනයේ සම්බන්ධයක් ඇති බව තුර්කි බලධාරින් සාධක සහිතව ඉදිරිපත් කර තිබියදී සෞදි පාලනය එම චෝදනා මඟහැර වෙනත් කරුණු හුවා දක්වන්නට උත්සාහ දරමින් සිටින්නේ යැයි ද ලොව සෑම රටකම ජනමාධ්‍ය සමාජ මීට එරෙහිව දැඩි හඬක් නැගිය යුතු යැයි ද මාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
 
ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වූ සහ අතුරුදන් කළ පහරකෑම්වලට ලක් වූ ජනමාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති පරිසරයක මෙවැනි සිදුවීම් මගින් ලංකාවේ ජනමාධ්‍ය සමාජය තවත් සසල වන්නේ යැයි ද එහි සඳහන් වේ.
 
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය සංවිධාන හැටියට මෙම සිදුවීමේදී ලෝ පුරා පැතිරී සිටින සියලු මාධ්‍ය සංවිධාන සමඟ එකතු වන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.    
 
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ සහ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය යන සංවිධාන මෙම නිවේදනය නිකුත් කර ඇත.  



අදහස් (0)

කෂොක්ජී ඝාතනය ගැන මාධ්‍ය සංවිධාන අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 82 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site