(පාලිත ආරියවංශ)
කාර්මික නිලධාරීන් සඳහා වන නව සේවා ව්‍යවස්ථාව කඩිනමින් නිකුත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ථ ලංකා රාජ්‍ය කාර්මික නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් සංවිධානය කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය බදුල්ලේදී අද(08) පැවැත්වේ.
කාර්මික නිලධාරීහු අසනීප නිවාඩුදමා මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී වෙති.
රුපියල් 20,000ක අවධානම් දීමනාවක් මාසික වැටුපට ලබාගැනීම, තීරුබදු රහිත වාහන පහසුකම ලබාගැනීම, කාර්මික නිලධාරීන් බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් අඩු නොකිරීම යනාදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.
මේ සඳහා ඌව පළාතේ සියලු රාජ්‍ය සේවා කාර්මික නිලධාරීන් සහභාගී වන අතර දිස්ත්‍රික්කයකින් 50 දෙනා බැගින් සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාර්මික නිලධාරීන් රැස්ව සිටින බව සමස්ථ ලංකා රාජ්‍ය කාර්මික නිලධාරී සංගමයේ සභාපති මාලන් සේරසිංහ මහතා පැවසීය.
බදුල්ල මුතියංගන රාජමහා විහාස්ථානයේදී පැවැති සත්‍යග්‍රහකින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ විය. නිලධාරීහු මුතියංගන රාජ මහා විහාස්ථානයේ සිට සටන් පාඨ කියමින් ඉල්ලීම් ඇතුළත් පුවරු රැගෙන බදුල්ල නගරය හරහා බදුල්ල මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිටට ගොස් එම ස්ථානයේදී උද්ඝෝෂණයේ නිරතවෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂි කර්මාන්තය අද එළවලු ටික අලෙවි කරගන්න බැරිව කුණුවෙනවා කෝ උද්ගෝෂණ, විසඳුම්.