IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කඳුරට ජනතා පෙරමුණ මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට යයි

(රංජිත් රාජපක්ෂ )                     
                                             
ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි දමිල ප්‍රගිතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා අපෙක්ෂකයන් සිව්දෙනෙකු ඉදිරිපත් කළ හොත් කඳුරට ජනතා පෙරමුණ දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් ඉවත් වී තම පක්ෂයේ උදැල්ල සලකුණ යටතේ තනිවම තරග කිරීමට තීරණය කර ඇති බව කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලෝරන්ස් මහතා පැවසීය.
 
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ.ලොරන්ස් මහතා කියා සිටියේ දමිල ප්‍රගිතිශිලි සන්ධානය ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා සිව්දෙනෙක් ඉදිරිපත් කරන බවට තමන් වෙත තොරතුරු ලැබීමත් සමග තම පක්ෂයේ දේශාපාලන මණ්ඩලය නුවරඑළියේදි රැස්වී ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
 
එම සාකච්ඡාවේදි කඳුරට ජනතා පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතාගේ නායකත්වය යටතේ උදැල්ල සලකුණ යටතේ තිනවම තරග කිරිමට දේශපාලන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවද ඒ.ලොරන්ස් මහතා පැවසීය.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ.ලොරන්ස් මහතා කියාසිටියේ දමිල ප්‍රගිතිශීලි සන්ධානය මෙතෙක් පලනි දිගම්බරම් , වී.රාධාක්‍රිෂ්ණන්, එස්.තිලකරාජ් යන තිදෙනා නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පාර්ගිමේන්තු මන්ත්‍රීවවරුන් වශයෙන් කටයුතු කළ බවයි.
 
මහ මැතිවරණයේදි සිව්දෙනෙකු තරග කළහොත් තම පක්ෂයට අගතියක් සිදු විමට ඉඩ ඇති බවත්, දමිල ප්‍රගිතිශීලී සන්ධානය මහ මැතිවරණය සදහා සිව්දෙනෙකු ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය තනිවම නුවරඑළි දිස්ත්‍රික්කය සදහා තරග කර තම පක්ෂයේ නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි.



අදහස් (1)

කඳුරට ජනතා පෙරමුණ මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට යයි

නලින් Monday, 24 February 2020 03:19 PM

සමහර තැන්වල පොලීසිය නිසි ආකාරයෙන් කටයුතු නොකරයි. මත්ද්‍රව්‍ය විකුණන අයගෙන් අල්ලස් ලබා ගනියි. නගරාධිපතිගේ පදයට නටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site