IMG-LOGO

කෝටියක කේරළ ගංජා සමඟ 3ක් අල්ලයි

(සිතුම් චතුරංග) 
            
කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 79, ග්‍රෑම් 900ක් සමඟ පුද්ගලයින් තිදෙනකු අද(12) උදෑසන කන්කසන්තුරය, කීරමලේ වෙරළ තීරයේදී අත්අඩංගුවටගත් බව යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි. 
            
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
            
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙම කේරළ ගංජා තොගය මෙරටට රැගෙනවිත් මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක අසුරා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබිණි.
            
සොයාගත් කේරළ ගංජා තොගය විශාල පොලිතීන් බෑග් තුනක  අසුරා තිබූ බවත්, එහි තිබී කුඩා ප්‍රමාණයේ කේරළ ගංජා පාර්සල 38ක් සොයාගත් බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.
                        
අත්අඩංගුවටගත් සැකකරුවෝ මන්නාරම, සාලේ අඩි හා වෙත්තලකේනී ප්‍රදේශයන්හි පදිංචි 33ත් 61 අතර වයසේ පසුවන්නෝ වෙති.
            
සැකකරුවන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
යාපනය මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

කෝටියක කේරළ ගංජා සමඟ 3ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site