(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා ඉදිරිපත් කෙරුණ අයවැය වැඩි ඡන්ද 17 කින් අද (10) සම්මත විය. පක්ෂව ඡන්ද 18 ක් ලැබුණ අතර අයවැයට විරුද්ධව එක් ඡන්දයක් ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා මෙලෙස අයවැයට විරුද්ධව ඡන්ද ලබාදුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හය දෙනා අය වැය ඉදිරිපත් කරන අවස්ථාවේ සභාවට පැමිණ නොසිටි බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.