(ජුඩ් සමන්ත)
ඉන්දීය ධීවරයින් විසින් මසුන් මැරීම සහා යොදා ගන්නා ධීවර යාත්‍රාවක් හලාවත - උඩප්පුව වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි. අඩි 30 ක් පමණ දිග මෙම බෝට්ටුව අඩි 04 ක පමණ පළලකින් යුක්තය.
දැවයෙන් නිෂ්පාදනය කර ඇති මෙම බෝට්ටුවට ඇන්ජිමක් සවි කිරීමට හැකියාවක් ඇත. මෙම බෝට්ටුවේ ස්ථාන කීපයක් කැඩී බිදී ගොස් ඇති බවක්ද දක්නට ඇත.බෝට්ටුව තුළ ධීවර ආම්පන්න හෝ වෙනත් කිසිවක් තිබී නැත. එහි සිටි ධීවරයින් සම්බන්ධයෙන්ද කිසිදු තොරතුරක් නොමැති බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෝට්ටුවට එන්ජින් දෙකක්ම හයි කරන්න පුළුවන් අලුත්වැඩියා කරලා සමුපකාර සමිතියකට දෙන්න